Tube සැරීම

අද ඉතින් නිවාඩු දවසක් නිසා මම you tube  වල පොඩි වෙලාවක් ගතකලා. එතැනදී මම දැක්කා අපේ රටේ ඉන්න අලි (කකුල් හතරේ ) ගැන BBC එකෙන් කරලා තියන වැඩසටහනක්. මම නම් ඒක  ඉවර වෙනකම් බැලුවා වෙලාවක් තියනවනම් බැලුවට කමක් නැහැ ඔයාලත්. අලි ගැන කිවම නම් මතක්වෙන ගොඩක් දේවල් තියනවා ඒ කොහොම වෙතත් අපි මතක තියාගන්න ඕන ඒ සත්තුත් අපි වගේම ජීවත් වෙන්න කැමති බව පහුගිය වසරේ විතරක් අලිමිනිස් ගැටුම් නිසා අලි ඇතුන් 200කට වැඩි ප්‍රමාණයක් මියගිහින් තියනවා. මිනිස්සු 30කට ආසන්න ගානකුත් මැරිලා. ලංකාවේ ඉන්න අලි ලංකාවටම විතරයි ඉන්නේ. ඒ කියන්නේ මෙහෙ ඉන්න උප විශේෂය ලංකාවටම ආවේනිකයි. එයාලගේ වාසස්ථාන මිනිස්සු තමන්ගේ දේවල් වලට යොදාගන්න එක අවම වෙනවනම් අලින්ගේ පාරම්පරික ගමන්මාර්ග අවහිර නොකරනවානම් මේ ගැටළු ගොඩක් අවම වෙනවා, හරි හරි දැන් මේ VDO එක බලල ඉන්නකෝ


No comments: